කොස්ගම, තාවල්ගොඩ ප්‍රදේශයේ නිවසක නවතා තිබූ යතුරුපැදියක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කොස්ගම පොලිසිය සමත් වී තිබේ. සැකකරු පූගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගන්නා අවස්ථාවක සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ ඔහුව හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී, සොරකම් කිරීම්වලට සහය දුන් තවත් සැකකරුවෙකු ගැන තොරතුරු අනාවරණය විය. එම තොරතුරු මත පොලිසිය දෙවන සැකකරු ද අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තේය.මෙම වැටලීමේදී සොරකම් කරන ලද රන් භාණ්ඩ උණු කොට සකස් කරන ලද රන් බෝලයක් සහ සොරකම් සඳහා සැකකරුවන් භාවිත කළ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන් සම්බන්ධයෙන් කොස්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



























