කල් ඉකුත් වූ බේකරි නිෂ්පාදන අලෙවි කර පාරිභෝගිකයන් නොමඟ යැවීම සම්බන්ධයෙන් වරදකරු වූ බේකරියකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 200,000 ක දඩ මුදලක් නියම කර ඇත. පාරිභෝගික කටයුතු අධිකාරියේ (CAA) විමර්ශන නිලධාරීන් විසින් සිදු කරන ලද හදිසි පරීක්ෂාවකදී, 2026 අප්‍රේල් 16 දිනට යෙදුණු කල් ඉකුත් වීමේ දිනයක් සහිත ස්ට්‍රෝබෙරි රසැති ක්‍රීම් බන් අළෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබියදී සොයා ගැනීමෙන් අනතුරුව මෙම නඩුව පවරන ලදී. ඊයේ (09) දින මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු චෝදනාවට වරද පිළිගත් අතර, මහේස්ත්‍රාත්වරයා විසින් මෙම දඩ මුදල නියම කරන ලදී. ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී නිෂ්පාදන සහ කල් ඉකුත් වීමේ දින නිසි ලෙස පරීක්ෂා කර බලන ලෙස බලධාරීන් පාරිභෝගිකයන්ට මතක් කර දී ඇති අතර, කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අළෙවි කරන ස්ථාන පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 ක්ෂණික ඇමතුම් අංකය අමතා පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටී.



























