කොළඹ වාර්ෂික ආඩිවේල් උත්සවයේ රිදී රිය පෙරහැර ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී පිළිගනියි

කොළඹ බම්බලපිටිය සහ හෙට්ටිවීදිය නාට්ටුක්කෝට්ටෛ නගරත්තාර් ශ්‍රී නව කදිරේෂන් කෝවිල මඟින් සංවිධානය කරන ලද 152 වැනි වාර්ෂික ආඩිවේල් රිදී රිය පෙරහැර ඊයේ (28) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී උත්කර්ෂවත් අයුරින් පිළිගනු ලැබීය. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් මෙම පිළිගැනීමේ කටයුතු සිදුකරන ලදී.​පෙරහැර ගමන් කළ අවස්ථාවේදී ජනාධිපති ලේකම්වරයා වේල් කරත්තයේ වැඩම කරවනු ලැබූ කඳ සුරිඳුන්ගේ දේව ප්‍රතිමාව වෙත විශේෂ පළතුරු වට්ටියක් පූජා කරමින් ආගමික වතාවත්වලට මුල්තැන දී සහභාගී වී දේව ආශිර්වාද ලබාගැනීමට කටයුතු කළේය.​ඊයේ පෙරවරුවේ පිටකොටුව මුහුදු වීදියේ කදිරේෂන් කෝවිලෙන් ආරම්භ වූ මෙම වාර්ෂික රිදී රිය පෙරහැර කොළඹ ප්‍රධාන වීදි ඔස්සේ ගමන් කර අවසානයේදී බම්බලපිටිය ශ්‍රී නව කදිරේෂන් කෝවිල වෙත ළඟා විය. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,259

Leave A Reply

Your email address will not be published. Required fields are marked *