අත්අඩංගුවට ගත් බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෙට (5) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. කොළඹ අපරාධ කොට්ඨාශය විසින් උන්වහන්සේව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.පසුගියදා තිනියාවල ආරණ්‍ය සේනාසනයක රඳවා සිටියදී පොලිසිය විසින් උන්වහන්සේව අත්අඩංගුවට ගන්නා ලදී. වරෙන්තු නිකුත් කර තිබියදී මෙලෙස අත්අඩංගුවට ගත් ඥානසාර හිමි හෙට දින අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



























