රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ බලධාරීන් සහ ග්‍රාම නිලධාරී සංගම් නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව, ක්‍රියාත්මක වෙමින් තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හැර දැමීමට තීරණය කර ඇත. අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ මෙම සාකච්ඡාව සිදුවෙමින් තිබියදී ජනාධිපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ වී මෙම එකඟතාවට එළැඹීමට මැදිහත් වී තිබේ.එළැඹෙන අයවැය ලේඛනය හරහා ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රධාන ඉල්ලීම් ඉටු කිරීමට පියවර ගන්නා බවට ජනාධිපතිවරයා ලබා දුන් සහමනය මත මෙම තීරණය ගෙන ඇත. මේ හරහා රාජ්‍ය සේවයේ දෛනික කටයුතුවලට සහ මහජනතාවට ඇතිවිය හැකිව තිබූ අපහසුතා මඟහරවා ගැනීමට අවස්ථාව උදා වී තිබේ.ඒ අනුව අද දින සිට වර්ජනය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති අතර, ග්‍රාම නිලධාරීන් යළිත් සුපුරුදු පරිදි රාජකාරී කටයුතු සඳහා වාර්තා කරනු ඇත. කෙසේ වෙතත්, ඉදිරි අයවැයෙන් පොරොන්දු ඉටු නොවුවහොත් ඉදිරියේදී යළිත් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළැඹීමට ඉඩ ඇති බව සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති.



























