ගාල්ල, කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

අත්‍යාවශ්‍ය නඩත්තු සහ විදුලි බිඳවැටීම් හේතුවෙන් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට අද (10) දිනයේ පැය කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.​ඒ අනුව, ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට අද පෙරවරු 9.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. මණ්ඩලය සඳහන් කළේ වක්වැල්ල ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන හදිසි නඩත්තු කටයුත්තක් මීට හේතු වී ඇති බවයි.​මේ අතර, කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ද අද උදෑසන 8.30 සිට පස්වරු 6.30 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත. කෙත්හේන ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලි බලය විසන්ධි වීම නිසා මෙම පියවර ගැනීමට සිදු වූ බව මණ්ඩලය පවසයි.​මෙම ජල කප්පාදුව බලපාන කළුතර දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශ වන්නේ වාද්දුව, මතුගම, බේරුවල, අළුත්ගම සහ පයාගල යන නගර සහ තදාසන්න කලාපයන්ය.​සිදුවන අපහසුතාවය පිළිබඳව පාරිභෝගිකයන්ගෙන් කණගාටුව පළ කරන ජල සම්පාදන මණ්ඩලය, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 1939 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ලබාගත හැකි බව දන්වා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,181

Leave A Reply

Your email address will not be published. Required fields are marked *