දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් ඇතුළුව ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට අමතරව, අනුරාධපුරය සහ හම්බන්තොට යන ප්‍රදේශවලට ද සුළු වශයෙන් වැසි වැටීමේ හැකියාවක් පවතී.​දිවයින හරහා හමායන සුළඟේ වේගය ද මෙහිදී ඉහළ යා හැකි අතර, විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු, උතුරු-මැද පළාත් මෙන්ම හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල සුළගේ වේගය පැයට කිලෝමීටර 40ත් 50ත් අතර අගයකින් වර්ධනය විය හැක. සෙසු ප්‍රදේශවල ද පැයට කිලෝමීටර 30 සිට 40 දක්වා වන තරමක තද සුළං තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය.​ගිගුරුම් සහිත වැසි හටගන්නා අවස්ථාවලදී තාවකාලිකව ඇතිවන ප්‍රබල සුළං සහ අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,181

Leave A Reply

Your email address will not be published. Required fields are marked *