ගුවන් හමුදාවට ඩ්‍රෝන පද්ධතියක් ගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

​ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් නියමුවන් රහිත ගුවන්යානා (ඩ්‍රෝන) පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 4,261 ක පරිපූරක ඇස්තමේන්තුවක් අද (05) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය කෙරිණි.​වෙනස් වන මෙහෙයුම් පරිසරය සහ බෙංගාල බොක්ක ආශ්‍රිතව නිතර ඇතිවන අහිතකර කාලගුණික තත්ත්වයන්ගෙන් මතුවන තර්ජනවලට මුහුණ දීම සඳහා මෙම පද්ධතිය මිලදී ගැනීමට මුදල් වෙන්කර ඇත.​මීට අමතරව, පෙර සැලසුම් කළ පරිදි භාර (සංශෝධන) පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීමේ විවාදයද අද පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වේ.

What's your reaction?

Related Posts

1 of 1,407

Leave A Reply

Your email address will not be published. Required fields are marked *