විදෙස් වාර්තාවන්ට අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් මිලෙහි මඳ පහළ යාමක් දක්නට ලැබීමෙන් අනතුරුව යළිත් වරක් එය ඩොලර් 90 සීමාව ඉක්මවා ගොස් තිබේ.මේ වන විට බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92 කට වඩා වැඩි අගයක අලෙවි වන අතර, WTI බොර තෙල් බැරලයක් ඩොලර් 85 ක සීමාව ඉක්මවා වෙළඳපොළේ අලෙවි වෙමින් පවතියි.මෙම මස ආරම්භක කාල වකවානුව තුළ බ්‍රෙන්ට් බැරලයක් ඩොලර් 71.57 ක් ලෙසත්, WTI බැරලයක් ඩොලර් 68.58 ක් ලෙසත් සටහන්ව තිබූ බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.























