චරිත් අබේසිංහට එරෙහිව විනය පරීක්ෂණයක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගනු ලැබූ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා සම්බන්ධයෙන් පක්ෂ මට්ටමින් නිල විනය පරීක්ෂණයක් පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සභාවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා මේ බව සනාථ කර සිටියේය.​එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ අදාළ සිදුවීමට මුහුණ දුන් පාර්ශවයන් සම්බන්ධයෙන් පක්ෂයේ ප්‍රතිපත්ති මාලාවට අනුකූලව ගත හැකි උපරිම විනය ක්‍රියාමාර්ග ගැනීමට තමන් පසුබට නොවන බවයි. පක්ෂයක් ලෙස මෙම සිදුවීම දෙස දැඩි අවධානයකින් බලන බවද ඔහු මෙහිදී පවසා සිටියේය.​තම දේශපාලන කණ්ඩායම තුළ වැරදිකරුවන්ට හෝ අපරාධවලට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකුට ඉඩක් හෝ රැකවරණයක් හිමි නොවන බව අවධාරණය කළ විපක්ෂ නායකවරයා, පක්ෂයේ ගෞරවය ආරක්ෂා කරමින් ඉදිරි පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය.

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *