අතීත අපරාධවලට යුක්තිය ඉටුකිරීම රජයේ වගකීමක් – ජනාධිපති අනුර

ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන් ඝාතන, පාස්කු ප්‍රහාරය සහ සුදු වෑන් පැහැරගැනීම් වැනි රටම කැළඹූ අතීත අපරාධවලට සම්බන්ධ පාර්ශවයන්ට දඬුවම් පැමිණවීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. මත්ද්‍රව්‍ය උවදුර සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මඟින් මෙරට සමාජයීය හා දේශපාලනික ස්ථාවරත්වය බිඳ දමා තිබූ ආකාරය පෙන්වා දුන් ජනාධිපතිවරයා, විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීම සහ පාතාලය මැඩලීම පිළිබඳ පැවැති විවාදයට එක්වෙමින් මෙම අදහස් පළ කළේය.​නීතියට ඉහළින් කිසිවෙකුට ක්‍රියා කළ නොහැකි බව පෙන්වා දුන් වත්මන් රාජ්‍ය නායකයා, අතීතයේ සිදුවූ අභිරහස් අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී මතු වූ බාධක ඉවත් කර වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට රජය බැඳී සිටින බව ප්‍රකාශ කළේය. ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු කිසිදු බියකින් තොරව සාක්ෂි මත පදනම්ව අඛණ්ඩව ඉදිරියටම ගෙන යන බවද ඔහු සභාවට දැනුම් දුන්නේය.​එවැනි බරපතල අපරාධ නඩු විභාග කිරීමේදී මතුවන නීතිමය ගැටලු මඟහරවා ගැනීම සඳහා නව ප්‍රතිපාදන හඳුන්වා දීමට රජය සූදානම් බව පැවසූ ජනාධිපතිවරයා, සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටත්, අවශ්‍ය වුවහොත් ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමටත් කටයුතු කරන බව සඳහන් කළේය. දූෂණයෙන් හා අපරාධවලින් තොර රටක් බිහිකිරීම ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමේ ප්‍රධාන පියවරක් බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *