චීන ජනාධිපති ෂී ජින්පිං විශේෂ ගුවන් යානයකින් අමෙරිකානු වොෂින්ටන් නගරයේ ඇන්ඩෲස් ඒකාබද්ධ හමුදා කඳවුර වෙත පැමිණ තිබේ.අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ ආරාධනයකට අනුව චීන නායකයා මෙම රාජ්‍ය සංචාරය සඳහා එක්ව ඇත.එහිදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් විසින්, ෂී ජින්පිං මහතා සහ පෙං ලීයුවාන් ආර්යාව ගුවන් තොටුපළ වෙත ගොස් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීම විශේෂත්වයක් විය.



























