කාවන්තිස්ස හස්තියාට ප්රතිකාර කිරීමේදී අඩුපාඩු සිදුවූ බවට සමාජ මාධ්ය ඔස්සේ එල්ල වූ චෝදනා හමුවේ, වයඹ කලාප භාර වනජීවී පශු වෛද්ය ඉසුරු හේවාකොට්ටගේ මහතා සිය වත්මන් සේවා ඒකකයෙන් ඉවත් වීමට තීරණය කර ඇත. මේ බව දැනුම් දෙමින් ඔහු වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකර තිබේ.කෙසේ වෙතත්, අදාළ චෝදනා මගින් පමණක් ප්රතිකාරවල වරදක් සිදුවූ බවට නිගමනය කළ නොහැකි අතර, සිදුවීම සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් පවත්වන බව පරිසර අමාත්යවරයා ප්රකාශ කර ඇත. 2016 සිට සේවයේ නිරත වෛද්ය හේවාකොට්ටගේ මහතා වනසතුන් හා කැස්බෑවන් සුරැකීමේ මෙහෙයුම් සඳහා ප්රකට නිලධාරියෙකි.



























