ජංගම දුරකථන සහ උපාංග මිල ඉහළ යාමේ ලකුණු

​ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමත් සමඟ ඉදිරියේදී දේශීය වෙළඳපොළේ ජංගම දුරකථන, අමතර කොටස් සහ උපාංගවල (Accessories) මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් මතුව තිබේ. ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සහ අලෙවිකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ රුපියලේ අගය පහත වැටීම හේතුවෙන් ආනයනික පිරිවැය අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි. මේ තත්ත්වය මත ඉදිරි කාලයේදී මෙම උපකරණවල මිල සියයට 20කත් 25කත් අතර ප්‍රතිශතයකින් වැඩි වනු ඇතැයි එම සංගමය ඇස්තමේන්තු කරයි.​මෙම මිල සංශෝධනය සන්නිවේදන උපාංග මිලදී ගැනීමට පමණක් නොව, දැනට භාවිත කරන දුරකථන අලුත්වැඩියා කටයුතු සඳහා ද දැඩි ලෙස බලපානු ඇතැයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. ස්මාර්ට් ජංගම දුරකථන අලුත්වැඩියාවට ගන්නා උපාංගවල මිල ඉහළ යාම නිසා නඩත්තු පිරිවැය ද සැලකිය යුතු ලෙස වැඩි විය හැකි අතර, එය දෛනිකව මෙම තාක්ෂණික මෙවලම් භාවිත කරන සාමාන්‍ය පාරිභෝගිකයින්ට දැඩි ආර්ථික බරක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,153

Leave A Reply

Your email address will not be published. Required fields are marked *