ජනපති අනුර කුමාර දිසානායක මහතා අමරපුර මහනායක හිමිපාණන් බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ වැල්ලවත්ත පිහිටි අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත ගොස් එම නිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහානායක ස්වාමීන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා සිටියේය. එහිදී ජනාධිපතිවරයා වෙත ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මහනායක හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ඣායනා කළ අතර, රටේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සිය ශාසනික ආශිර්වාදය මෙහිදී එක් කරන ලදී.​මෙම අවස්ථාවට අමරපුර මහා සංඝ සභාවේ වැඩබලන සභාපති පූජ්‍ය මාගාල්ලේ නාභිත හිමි සහ මහා ලේඛකාධිකාරී පූජ්‍ය බලපිටියේ සිරි සීවලී හිමි ප්‍රමුඛ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය අහංගම මෛත්‍රී මූර්ති හිමියන් ඇතුළු නිකාය නියෝජනය කරන ගෞරවනීය මහා සංඝරත්නය විශාල පිරිසක් වැඩම කර සිටියහ. ජනාධිපතිවරයා මහා සංඝරත්නය සමඟ සුහද පිළිසඳරක යෙදෙමින් රටේ වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව ද කරුණු පැහැදිලි කිරීමට මෙය අවස්ථාවක් කර ගත්තේය.

What's your reaction?

Related Posts

1 of 1,103

Leave A Reply

Your email address will not be published. Required fields are marked *