ආසියානු ක්‍රීඩා උළෙල: බංග්ලාදේශය පරදා ඉන්දියාව අවසන් මහා තරගයට

ජපානයේ නිෂින් හි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් බංග්ලාදේශය ලකුණු 114 කින් පරාජය කළ ඉන්දීය කණ්ඩායම පහසු ජයක් වාර්තා කළේය. මේ හරහා රන් පදක්කම වෙනුවෙන් පැවැත්වෙන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව සමඟ සටන් වැදීමේ අවස්ථාව ඉන්දියාවට හිමිවී තිබේ.​කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 කට ලකුණු 195 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේය. එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ෂෆාලි වර්මා පන්දු 49 කින් නොදැවී ලකුණු 100 ක් (හයේ පහර 9ක්, හතරේ පහර 3ක්) රැස්කළ අතර, නායක හර්මන්ප්‍රීට් කෞර් ලකුණු 40 ක් සහ ස්මෘති මන්දනා ලකුණු 37 ක් ලබා ගත්හ.​පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට ඉන්දීය පන්දු යවන්නියන්ගේ දක්ෂතා හමුවේ පන්දුවාර 15.4 කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 81ක් පමණි. පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් දීප්ති ශර්මා සහ නන්දනි ශර්මා කඩුලු 3 බැඟින් බිඳහෙළමින් දස්කම් දැක්වූහ.

What's your reaction?

Related Posts

1 of 982

Leave A Reply

Your email address will not be published. Required fields are marked *