ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ලබන සතියේ දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කාර්ය මණ්ඩල නියෝජිතයින් පිරිසක් ලබන ජුනි 24 වැනිදා සිට 30 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. මෙම සංචාරය රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව සොයා බැලීම අරමුණු කරගෙන සිදු කෙරෙන්නකි.​එම කාලසීමාව තුළ මෙරට මෑතකදී අත්කර ගත් ආර්ථික වර්ධනයන් පිළිබඳ තක්සේරුවක් සිදු කිරීමටත්, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන්වල වත්මන් ප්‍රගතිය පිළිබඳව අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමටත් නියෝජිතයින් කටයුතු කරනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,198

Leave A Reply

Your email address will not be published. Required fields are marked *