අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2026 වර්ෂයට අදාළ වාර්ෂික සහ අනිවාර්ය ගුරු ස්ථාන මාරු සඳහා අයදුම්පත් ඔන්ලයින් (Online) ක්‍රමයට කැඳවීමට පියවර ගෙන ඇත. ඒ අනුව, ජාතික පාසල්වල සේවය කරන ගුරුවරුන්ට ජූලි 16 වැනිදා සිට ජූලි 30 වැනිදා දක්වා අදාළ ද්වාරය (http://nstt.moe.gov.lk) වෙත පිවිසීමෙන් සිය අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව අමාත්‍යාංශය නිවේදනය කරයි.ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් පසු, එම අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබාගෙන තමා වැටුප් ලබන පාසලේ විදුහල්පතිවරයා වෙත ජූලි 31 වැනිදාට පෙර භාර දීම අනිවාර්ය කර ඇත. මෙම ක්‍රියාවලිය සඳහා ඔන්ලයින් අයදුම්පත් පමණක් පිළිගනු ලබන අතර, තැපෑලෙන් හෝ කෙළින්ම අමාත්‍යාංශය වෙත ගොස් ඉදිරිපත් කරන අයදුම්පත් කිසිදු හේතුවක් මත භාර නොගන්නා බව අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.























