ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවාවන් අද සිට යථා තත්ත්වයට

පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවා කටයුතු අද (20) සිට යළි ආරම්භ වේ. පසුගිය 17 වැනිදා සිට මෙම බිඳවැටීම හේතුවෙන් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටි අතර, මේ වන විට එම පද්ධති යථා තත්ත්වයට පත් කර ඇති බව දෙපාර්තමේන්තුව තහවුරු කරයි.​ඒ අනුව, ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව මෙන්ම සාමාන්‍ය සේවා යටතේ සිදුකරන සියලුම ලියාපදිංචි කිරීම් අද සිට සුපුරුදු පරිදි ක්‍රියාත්මක වේ. බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය මෙන්ම ප්‍රාදේශීය කාර්යාල හරහා ද ජනතාවට තම අවශ්‍යතා ඉටු කර ගැනීමට දැන් අවස්ථාව පවතී.​අදාළ බිඳවැටීම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද දින සිට සියලුම මහජන සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. එබැවින් සේවා ලබා ගැනීමට අපේක්ෂිත පුද්ගලයින්ට අද සිට තම අයදුම්පත් ඉදිරිපත් කිරීමට බාධාවක් නොමැත.

What's your reaction?

Related Posts

1 of 1,104

Leave A Reply

Your email address will not be published. Required fields are marked *