කපිල චන්ද්‍රසේනගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 09 වැනිදාට

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට අදාළ නඩු කටයුත්ත අද (5) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබීය. ඒ අනුව අල්ලස් කොමිසම මඟින් ගොනු කර ඇති මෙම නඩුව වෙනුවෙන් කපිල චන්ද්‍රසේන මහතා නියෝජනය කරමින් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සහ කණිෂ්ඨ නීතිඥ උදාර මුහන්දිරම්ගේ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියහ.​මෙහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයෙකු ඇතුළු නීතිඥ මණ්ඩලයක් මෙන්ම, අදාළ පාර්ශවයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තවත් නීතිඥවරයෙකුද කරුණු දැක්වීම සඳහා ඉදිරිපත්ව සිටියහ. සිද්ධිය සිදු වූ දින සහ ඊට පෙර දිනවලදී කපිල චන්ද්‍රසේන මහතා සමඟ පැවැත් වූ සාකච්ඡා මෙන්ම එදින ඔහු සිටි ආකාරය පිළිබඳවද නීතිඥවරුන් විසින් මෙහිදී අධිකරණයට කරුණු පැහැදිලි කරන ලදී.​ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා, මෙම සිදුවීමට අදාළ වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජූනි මස 09 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළේය.

What's your reaction?

Related Posts

1 of 1,174

Leave A Reply

Your email address will not be published. Required fields are marked *