මෙරට ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින්, ජූලි මාසයේ ගතවූ දින 19ක කාලය තුළ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව විසිදහසේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව එම දින 19 තුළ මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 20,666කි.විශේෂයෙන්ම ඊයේ දිනය තුළ පමණක් අලුතින් ඩෙංගු රෝගීන් 723 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මේ සමඟින් වසරේ මේ දක්වා වූ කාලසීමාව තුළ දිවයිනෙන් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 76,044ක් දක්වා ඉහළ ගොස් ඇත.ඩෙංගු රෝග ව්‍යාප්තිය දැඩි වීමත් සමඟ මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති අතර, මේ වන විට වසර තුළ සිදුව ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.























