ජූලි 06 වනදා ‘ජාතික නීති ආධාර දිනය’ ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සැමට සමීප කරවීමේ අරමුණින් සෑම වසරකම ජූලි මස 06 වනදා ‘ජාතික නීති ආධාර දිනය’ ලෙස සැමරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 1978 අංක 27 දරන නීති ආධාර පනත සම්මත වූ ඓතිහාසික දිනය සිහිපත් කරමින් අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇත.​මෙම පනත යටතේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව, විශේෂයෙන්ම සමාජයේ අසරණ සහ ආන්තීකරණයට ලක්වූ කණ්ඩායම් වෙනුවෙන් පෙනී සිටියි. පොදු ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, නීතිමය දැනුවත්භාවය වර්ධනය කිරීම සහ නීතියේ ආධිපත්‍යය රට තුළ ශක්තිමත් කිරීම වෙනුවෙන් එම කොමිසම දිගුකාලීනව සුවිශේෂී මෙහෙවරක් ඉටුකරයි.​නව ජාතික දිනයක් ප්‍රකාශයට පත් කිරීම හරහා නෛතික පිළියම් පිළිබඳ මහජන අවබෝධය ඉහළ නැංවීමට මෙන්ම, නීතිය මගින් ජනතාව බලගැන්වීම සම්බන්ධයෙන් ජාතික මට්ටමේ කතිකාවතක් නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ. මෙරට නීති ආධාර සේවාවන්හි වැදගත්කම සමාජය තුළ වඩාත් තහවුරු කිරීමට ද මෙයින් අවස්ථාව සැලසේ.

What's your reaction?

Related Posts

1 of 1,202

Leave A Reply

Your email address will not be published. Required fields are marked *