බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුවක්, විභාග වන දිනය තීරණය කිරීම සඳහා ලබන ජුනි මස 26 වනදා නැවත කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. ඉස්ලාම් දහමට අපහාසයක් වන අයුරින් අදහස් ප්‍රකාශ කළ බවට එල්ල වූ චෝදනාවක් මත පදනම්ව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.මෙම නඩුව අද (01) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, ඒ අවස්ථාවේදී විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.එදිනට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණ කටයුතු අවසන් කිරීමට විනිසුරුවරයා පියවර ගත්තේය. ඉන් අනතුරුව, නඩුව විභාගයට ගන්නා ස්ථිර දිනය නියම කිරීමේ අරමුණින් එය ජුනි 26 වැනිදාට නැවත කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.



























