ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට!

එක්සත් ජනපදයෙන් ඉන්ධන මිලදී ගැනීමට චීනය සූදානමින් පසුවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද විශේෂ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්ත්වය හමුවේ ඇමරිකාව සපයනු ලබන WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.33% ක වර්ධනයක් පෙන්නුම් කරමින් මේ වන විට ඇමරිකානු ඩොලර් 102.5 ක් දක්වා ඉහළ ගොස් තිබේ.​ගෝලීය තෙල් මිල ඉහළ යාමේ මෙම ප්‍රවණතාවය සෙසු ප්‍රමුඛ පෙළේ බොරතෙල් වර්ග සඳහාද සෘජුවම බලපා ඇත. ඒ අනුව බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.27% කින් ඉහළ ගොස් සටහන් වන්නේ ඩොලර් 107 ක් ලෙස වන අතර, මබන් (Murban) වර්ගයේ බොරතෙල් බැරලයක වත්මන් වෙළඳපොළ මිල ඇමරිකානු ඩොලර් 104.70 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 763

Leave A Reply

Your email address will not be published. Required fields are marked *