කොළඹ විශ්වවිද්‍යාල බලධාරීන් විසින් හෙට (10) දින සිට එළඹෙන 15 වැනිදා දක්වා සියලුම අධ්‍යයන කටයුතු මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පමණක් පැවැත්වීමට තීරණය කර ඇත. මෙම පියවර ගෙන ඇත්තේ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සහ අවට ප්‍රදේශවල පවතින ඩෙංගු රෝග ව්‍යාප්තියේ දැඩි අවදානම සැලකිල්ලට ගනිමිනි.සිසුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යාරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සහ පවතින සෞඛ්‍ය තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් මෙම හදිසි තීරණය ගත් බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.























