ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළට

ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින දේශපාලනික සහ මිලිටරිමය උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන වර්ධනයක් අද (09) උදෑසන වන විට වාර්තා වී තිබේ. දෙරට අතර අලුතින් ඇති වූ ප්‍රහාරාත්මක තත්ත්වයන් මෙම හදිසි මිල ඉහළ යෑම කෙරෙහි සෘජුවම බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.​අද උදෑසන නිකුත් වූ නවතම දත්ත දර්ශකයන්ට අනුව, WTI බොරතෙල් බැරලයක මිල සියයට 1.03ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති අතර එය සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 74.28ක් වශයෙනි. මේ අතර ජාත්‍යන්තරව බහුලව භාවිත වන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද සියයට 1.01ක අගයකින් වර්ධනය වෙමින් ඇමෙරිකානු ඩොලර් 78.81ක් දක්වා ඉහළ ගොස් ඇත.​මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නිෂ්පාදනය කරන මර්බන් වර්ගයේ බොරතෙල් මිලෙහි සියයට 6.67ක ඉතා ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන අතර, ඒ අනුව එහි අලුත්ම මිල ඇමෙරිකානු ඩොලර් 73.57ක් ලෙස සටහන් වේ.

What's your reaction?

Related Posts

1 of 849

Leave A Reply

Your email address will not be published. Required fields are marked *