ඩෙංගු මරණ 69ක් දක්වා ඉහළට: වැඩිම රෝගීන් ගම්පහින්

මේ වසරේ මෙරටින් වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 69ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මෙම කාල සීමාව තුළ සමස්ත ඩෙංගු රෝගීන් 92,854 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් 52.95%ක ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් පමණක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.දිස්ත්‍රික් මට්ටමින් සලකා බැලීමේදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එහි රෝගීන් 19,778ක් වාර්තා වී ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,433ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,695ක් වශයෙන් වැඩිම බලපෑමට ලක් වූ ප්‍රදේශ අතර ඉදිරියෙන් සිටී.මෙම වර්ධනයත් සමඟ සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අවට පරිසරය පිරිසිදුව පවත්වා ගනිමින් මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමට වගබලා ගන්නා ලෙසයි. රෝග ලක්ෂණ මතු වූ වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම මගින් මරණ අවදානම අවම කරගත හැකි බවද ඔවුහු පෙන්වා දෙති.

What's your reaction?

Related Posts

1 of 1,292

Leave A Reply

Your email address will not be published. Required fields are marked *