ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළට: අධි අවදානම් ග්‍රාම නිලධාරී වසම් 538ක් හඳුනාගැනේ

දිවයින පුරා වේගයෙන් පැතිර යන ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ විසින් විශේෂ මර්දන වැඩසටහන් දියත් කර තිබේ. වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය බලධාරීන් විසින් ඉහළම ඩෙංගු අවදානමක් සහිත ග්‍රාම නිලධාරී වසම් ඇතුළත් විශේෂ ලේඛනයක් ද මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.​නව දත්තයන්ට අනුව දිස්ත්‍රික්ක 14ක පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) බලප්‍රදේශ 331ක් ආවරණය වන පරිදි, ග්‍රාම නිලධාරී වසම් 538ක් අධි අවදානම් කලාප ලෙස නිරීක්ෂණය කර තිබේ. මෙම හඳුනාගත් කලාප කේන්ද්‍ර කරගනිමින් කීට විද්‍යාත්මක සමීක්ෂණ, දුමායන කටයුතු මෙන්ම පරිශ්‍ර පරීක්ෂා කිරීමේ මෙහෙයුම් වහාම වේගවත් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.​ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී රෝහල් පද්ධතිය තුළ ඇති විය හැකි තදබදය සහ කළමනාකරණ අපහසුතා වළක්වා ගැනීමට නම්, වටපිටාව පිරිසිදුව තබා ගනිමින් මහජනතාව උපරිම සහයෝගය ලබා දීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය නිලධාරීන් වැඩිදුරටත් අවධාරණය කරයි.

What's your reaction?

Related Posts

1 of 1,202

Leave A Reply

Your email address will not be published. Required fields are marked *