කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ව්‍යාජ ආයතන කිහිපයක් හරහා ඇමරිකානු ඩොලර් මිලියන 25ක (රුපියල් බිලියන 7.5කට ආසන්න) මුදලක් විදේශ ගිණුම් වෙත බැර කළ වැල්ලම්පිටියේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකු මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. වාණිජ බැංකු ඔස්සේ ටෙලිග්‍රැෆික් හුවමාරු (TT) ක්‍රමවේදය භාවිත කර මෙම ජාවාරම ක්‍රියාත්මක කර තිබේ.මෙරට සමාගම් හයක් හරහා විදේශීය ආයතන වෙතින් භාණ්ඩ ගෙන්වන බව පෙන්වමින් 2024 ජනවාරි සිට 2025 ජූලි දක්වා කාලය තුළ මෙම මුදල් විදේශගත කර ඇත. විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ එම ගනුදෙනු සඳහා කිසිදු භාණ්ඩයක් මෙරටට ගෙනැවිත් නොමැති බවයි.


























