මහා සංඝරත්නය සහ ජනාධිපතිවරයා අතර අද විශේෂ සාකච්ඡාවක්

ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි වස්ත්‍රවලින් සැරසීම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් මතු කළ කනස්සල්ල සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට යැවූ ලිපිය මෙම සාකච්ඡාවට මූලික හේතුව වී තිබේ.​මෙම හමුව හරහා භික්ෂූන් වහන්සේලාගේ සිවුරු පැළඳීම හා නීතිමය ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කිරීමට අපේක්ෂිතය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද පස්වරු 1ට මෙම සාකච්ඡාව ආරම්භ වන බවයි.

What's your reaction?

Related Posts

1 of 1,368

Leave A Reply

Your email address will not be published. Required fields are marked *