දිවංගත රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන්ගේ 33 වන ගුණසමරුව උත්කර්ෂවත් අයුරින්

​ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයා වූ දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ 33 වන අනුස්මරණ උළෙල අද පෙරවරුවේ කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල පිහිටි එතුමාගේ ස්මාරකය අභියසදී පැවැත්විණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සැමරුම් උත්සවයේදී දිවංගත නායකයාගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින් එතුමා දැයට ඉටුකළ සේවාව ගෞරවයෙන් සිහිපත් කෙරිණි.​දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නවීන් දිසානායක සහ රවී කරුණානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව නියෝජිතයින් රැසක් සහභාගී වූ මෙම ගුණසමරුව මගින් ප්‍රේමදාස යුගයේ මතකයන් යළිත් අලුත් කරමින් එතුමාගේ ජනතා මෙහෙවර ඇගයීමට ලක් කෙරිණි.

What's your reaction?

Related Posts

1 of 1,121

Leave A Reply

Your email address will not be published. Required fields are marked *