දිවයිනේ ජලාශ 38ක් වාන් දමයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 23ක් සහ මධ්‍යම පරිමාණයේ ජලාශ 15ක් මේ වන විට වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.​වාන් දමන ප්‍රධාන ජලාශ 23 අතරින් මානන්කට්ටිය, රාජාංගනය, යාන් ඔය, සොරබොර වැව, බදගිරිය, ලුණුගම්වෙහෙර සහ දැදුරු ඔය ඇතුළු ජලාශ 11ක වාන් දොරටු මේ වන විටත් විවෘත කර තිබේ.​මීට අමතරව වාන් දමමින් පවතින මධ්‍යම පරිමාණයේ ජලාශ 15 අතරින් ජලාශ දෙකක පමණක් වාන් දොරටු විවෘත කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

What's your reaction?

Related Posts

1 of 1,422

Leave A Reply

Your email address will not be published. Required fields are marked *