රට තුළ ඩෙංගු ව්‍යාප්තියේ කැපී පෙනෙන ඉහළ යාමක් දක්නට ලැබෙන අතර, දිනකට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 700 ඉක්මවා ගොස් ඇත. ඇතැම් දිනවලදී මෙම අගය 1000ක සීමාවද පසු කර ඇති බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි. ජුනි මාසයේ මුල් දින 20 තුළ පමණක් රෝගීන් 12,196ක් වාර්තා වී ඇති අතර, වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත රෝගීන් සංඛ්‍යාව 46,037ක් ලෙස සටහන් වේ.මෙම වසංගත තත්ත්වය හමුවේ මේ වසරේ මේ දක්වා ඩෙංගු මරණ 28ක් වාර්තා වී ඇති අතර, ඉන් 6ක්ම වයස අවුරුදු 15ට අඩු දරුවන් වීම විශේෂ අවධානයට ලක්විය යුත්තකි. මේ වන විට දිවයින පුරා ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස සංඛ්‍යාව 112 දක්වා ඉහළ ගොස් ඇත. රෝහල් පද්ධතියේ වාට්ටු මේ වන විටත් රෝගීන්ගෙන් පිරී පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.පසුගිය දිනවල ක්‍රියාත්මක කළ මදුරු මර්දන සතියේ ප්‍රගතිය ඉදිරි සති කිහිපය තුළ ලැබෙනු ඇතැයි අපේක්ෂා කළද, වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අවධාරණය කරන්නේ තමන් අවට පරිසරය මදුරුවන් බෝ නොවන ලෙස පිරිසිදුව තබා ගැනීම ජනතාවගේ පරම වගකීමක් බවයි. වසංගතය පාලනය කර ගැනීම සඳහා මහජන සහයෝගය අත්‍යවශ්‍ය වන බව සෞඛ්‍ය බලධාරීන් නැවත නැවතත් පෙන්වා දෙයි.



























