කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ. මෙහිදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්ම වූ තරමක තද වැසි ඇති විය හැකි බව වාර්තා වේ.මීට අමතරව, උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් රත්නපුර, මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර ප්‍රබල සුළං ඇති වීමේ හැකියාවක් පවතියි. එම ප්‍රදේශවල ජනතාව සහ ගමන් ගන්නා පිරිස් කාලගුණ තත්ත්වය පිළිබඳව සැමවිටම සැලකිලිමත් වන ලෙස දන්වා සිටියි.


























