දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත් ඇතුළුව මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට අද දිනයේදී වරින් වර වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මීට අමතරව ඌව, නැගෙනහිර පළාත් සහ මුලතිව් දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.​එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් කලාපය, උතුරු සහ උතුරු-මැද පළාත් මෙන්ම ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක දෙසින් විටින් විට පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර වේගයකින් හමන තරමක තද සුළං බලාපොරොත්තු විය හැකියි.​මේ හේතුවෙන් ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව හටගන්නා තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

What's your reaction?

Related Posts

1 of 1,189

Leave A Reply

Your email address will not be published. Required fields are marked *