බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සේම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා වරින් වර වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට අමතරව, ඌව පළාතේත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතී.මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මෙන්ම උතුර, උතුරු-මැද, වයඹ, දකුණ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ආශ්‍රිතව පැයට කිලෝමීටර 30 ත් 40 ත් අතර වේගයකින් හමන තරමක තද සුළං තත්ත්වයක් ද අපේක්ෂා කළ හැක.ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් සමඟ තාවකාලිකව ඇතිවන ප්‍රබල සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.



























