මධ්‍යම පරිසර අධිකාරිය විසින් අද (20) පෙරවරු 10.50ට නිකුත් කළ වායු ගුණාත්මක දර්ශකයට (AQI) අනුව දිවයිනේ ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමකට පැමිණ තිබේ. ඒ අනුව වැඩිම අගය හලාවත ප්‍රදේශයෙන් (190) වාර්තා වන අතර යාපනය (164), ත්‍රිකුණාමලය (161), මුලතිව් (160), කිලිනොච්චිය (159) සහ අනුරාධපුර (156) යන ප්‍රදේශ ද අහිතකර කාණ්ඩයට අයත් වේ.මීට අමතරව මන්නාරම (132), අක්කරෙයිපත්තුව (131), බත්තරමුල්ල (131), මහනුවර (127), රත්නපුර (126) සහ ඇල්ල (119) යන ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය මදක් අහිතකර මට්ටමක පවතින බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.



























