දිවයිනේ ප්‍රදේශ රැසකට අද වැසි සහ අකුණු අවදානමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (19) නිකුත් කළ නවතම නිවේදනයට අනුව, දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි සහිත කාලගුණ තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.​එමෙන්ම, පස්වරු 2.00 න් පසුව ඌව පළාතේ ප්‍රදේශ කිහිපයකටත්, පොළොන්නරුව, මුලතිව්, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලටත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැක.​මෙම වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට වැඩිදුරටත් මතක් කර සිටී.

What's your reaction?

Related Posts

1 of 1,195

Leave A Reply

Your email address will not be published. Required fields are marked *