දිවයිනේ ප්‍රදේශ රැසකට තද සුළං ඇතිවිය හැකි බවට කාලගුණයෙන් නිවේදනයක්

දිවයින පුරා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට ප්‍රදේශ කිහිපයක් සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ කාලගුණයේ සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව ජනතාව මෙන්ම අදාළ අංශ ද දැඩි අවධානයෙන් පසුවිය යුතු බවට පෙන්වා දී ඇත.​මෙම තත්ත්වය යටතේ උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වල මෙන්ම රත්නපුර, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක. එබැවින් අදාළ ප්‍රදේශවල ගමන් ගන්නා සහ වාසය කරන ජනතාව සුළං හේතුවෙන් සිදුවිය හැකි අවදානම් තත්ත්වයන් මඟහරවා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,259

Leave A Reply

Your email address will not be published. Required fields are marked *