විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නව ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙස පත්වූ මෛත්‍රේය කුල්කර්ණි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද (29) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි. සුහදශීලී වාතාවරණයක් යටතේ සිදුවූ මෙම හමුවේදී දෙරට අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.​මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා, කොවිඩ්-19 වසංගත සමයේ මෙන්ම මෙරට මතුවූ ආර්ථික හා ආපදා අවස්ථාවලදී ඉන්දියාව විසින් ලබාදුන් අඛණ්ඩ මානුෂීය සහයෝගය සිහිපත් කරමින් සමස්ත ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය. අනාගතයේදීත් සංවර්ධන, ආර්ථික සහ ජනතා සුබසාධන අංශවල අන්‍යෝන්‍ය සහයෝගීතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද දෙපාර්ශ්වයේ අවධානය යොමු විය.

What's your reaction?

Related Posts

1 of 1,259

Leave A Reply

Your email address will not be published. Required fields are marked *