දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වලට මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කෙරේ.​ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීමට ජනතාව සැමවිටම කටයුතු කළ යුතුය. එසේම, උදෑසන කාලයේදී ඇතැම් ප්‍රදේශවල මීදුම් සහිත ස්වභාවයක් පවතින බැවින් රියැදුරන් මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

What's your reaction?

Related Posts

1 of 1,368

Leave A Reply

Your email address will not be published. Required fields are marked *