අද (01) දින සිට ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට සුදුසු වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, දහවල් 1.00 න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට අපේක්ෂා කෙරේ.විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි පතිත විය හැකි අතර, අලුයම් කාලයේදී මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවල මීදුම් සහිත ස්වභාවයක්ද දක්නට ලැබී ඇත.ගිගුරුම් සහිත වැසි සමඟ හමා යා හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටී.



























