දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (23) දින දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම මිනිස් සිරුරට දැනෙන උණුසුම අතිශයින් ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් ජනතාව මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුය.​නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලට අමතරව යාපනය, කිලිනොච්චිය, වව්නියාව, මුලතිව් සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලට මෙම උණුසුම් කාලගුණය දැඩි ලෙස බලපානු ඇත. අදාළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය 39°C සහ 45°C අතර අගයක් ගනු ඇති බවට පුරෝකථනය කර ඇත.​මේ නිසා පවතින උණුසුම් කාලගුණයෙන් සෞඛ්‍යයට සිදුවිය හැකි බලපෑම් අවම කර ගැනීම සඳහා නිසි පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන්ම දහවල් කාලයේදී අනවශ්‍ය ලෙස එළිමහනේ ගැවසීමෙන් වැළකී සිටීම සහ ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම ඉතා වැදගත් වේ.

What's your reaction?

Related Posts

1 of 1,297

Leave A Reply

Your email address will not be published. Required fields are marked *