ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ජනාධිපති අරමුදලින් නව ශිෂ්‍යත්ව වැඩසටහනක්

ලොතරැයිපත් අලෙවිය හරහා ජනාධිපති අරමුදලට සැපයෙන මූල්‍ය දායකත්වය අගයමින්, එම අලෙවිකරුවන්ගේ දූ දරුවන් වෙනුවෙන් විශේෂ අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ. 2026 වසරේ සිට ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මඟින් දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි පාසල් සිසුන්ට ප්‍රතිලාභ හිමි වේ.​මෙම ශිෂ්‍යත්ව වැඩසටහනේ සමාරම්භක උත්සවය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (23) පස්වරු 2.00ට අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව ඇත.​පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරන ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීම සඳහා මෙමඟින් පුළුල් සහයෝගයක් ලබා දීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,297

Leave A Reply

Your email address will not be published. Required fields are marked *