දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්

දිවයිනේ පවතින අධික වර්ෂාපතනයත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) කටයුතු කර ඇත. මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නොවැම්බර් 03 වනදා පස්වරු 04:00 සිට පැය 24ක කාලයක් සඳහා වලංගු වේ.​එක්ස් පූර්ව අනතුරු ඇඟවීමේ මට්ටම 1 (විමසිලිමත් වන්න) යටතේ බදුල්ල (වැලිමඩ, මීගහකිවුල, පස්සර, කන්දකැටිය), මහනුවර (දොළුව, තුම්පනේ, මැදදුම්බර, යටිනුවර, මිනිපේ, හතරලියද්ද), කෑගල්ල (අරණායක, මාවනැල්ල, රුවන්වැල්ල, රඹුක්කන, යටියන්තොට, බුලත්කොහුපිටිය, කෑගල්ල), කුරුණෑගල (රිදීගම, ඉබ්බාගමුව), මාතලේ (පල්ලෙපොල) සහ නුවරඑළිය (කොත්මලේ බටහිර, අඹගමුව, හඟුරන්කෙත, වලපනේ, නොර්වුඩ්) යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නම් කර තිබේ.​අනතුරු ඇඟවීමේ මට්ටම 2 (සූදානම් වන්න) යටතේ බදුල්ල (ඇල්ල, හල්දුම්මුල්ල, හපුතලේ), මහනුවර (උඩුනුවර, උඩදුම්බර), මාතර (කොටපොල), නුවරඑළිය (නිල්දණ්ඩාහින්න) සහ රත්නපුර (කලවාන, ගොඩකවෙල) යන ප්‍රදේශ ඇතුළත් කර ඇත.​අදාළ ප්‍රදේශවල ජීවත්වන ජනතාව නායයාම්, පස්කඳු කඩා වැටීම් සහ ගල් පෙරළීම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු අතර අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා යොමු වීමට සූදානමින් සිටින ලෙස උපදෙස් දී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,406

Leave A Reply

Your email address will not be published. Required fields are marked *