නොවැම්බර් 09 සිට විශේෂ ජාතික ඩෙංගු මර්දන සතියක්

දිවයින පුරා ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම සලකා බලමින් නොවැම්බර් 09 වනදා සිට 14 වනදා දක්වා විශේෂ ජාතික ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන දියත් කෙරේ.​පසුගිය කාලසීමාවේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව, කීට විද්‍යා දර්ශක සහ පවතින කාලගුණික විපර්යාස පදනම් කරගනිමින් මෙම තීරණය ගෙන ඇත. ජාතික ඩෙංගු මර්දන ඒකකය සමඟ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ ස්වේච්ඡා සංවිධාන එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරයි.​මෙම සතිය තුළ ක්ෂේත්‍ර පරීක්ෂණ සිදුකිරීම, හිමිකරුවන් නොමැති ඉඩම් පිරිසිදු කිරීම, පාසල්, පිරිවෙන් සහ ආගමික ස්ථාන ආශ්‍රිතව මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සිදුකෙරේ. මෙම සියලු කටයුතු අධීක්ෂණය සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක් ද ස්ථාපිත කර ඇත.​ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකය නිරන්තරයෙන් නිරීක්ෂණ කටයුතු සිදුකරන බව එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,406

Leave A Reply

Your email address will not be published. Required fields are marked *