දිස්ත්‍රික්ක හතරකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ. මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (27) පස්වරු 4.00 දක්වා බලාත්මක වන බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, ඇහැලියගොඩ, රත්නපුර සහ කුරුවිට යන ප්‍රදේශ සඳහා 2 වන මට්ටමේ (ඇම්බර් වර්ණය) අවදානම් නිවේදන නිකුත් කර ඇත.​මීට අමතරව 1 වන මට්ටමේ (කහ වර්ණය) පූර්ව අනතුරු ඇඟවීම් ප්‍රදේශ කිහිපයක් සඳහාම පනවා තිබේ. ඒ යටතට කළුතර දිස්ත්‍රික්කයේ මතුගම සහ බුලත්සිංහල ප්‍රදේශත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, යටියන්තොට, දෙහිඕවිට, රුවන්වැල්ල සහ බුලත්කොහුපිටිය යන ප්‍රදේශත් ඇතුළත් වේ. එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශයට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, නිවිතිගල, පැල්මඩුල්ල, කිරිඇල්ල මෙන්ම කලවාන යන ප්‍රදේශවලටද මෙම නිවේදනය අදාළ වේ. නායයාම් ලක්ෂණ කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවෙමින් අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස බලධාරීන් අදාළ ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,159

Leave A Reply

Your email address will not be published. Required fields are marked *