සාමාන්‍ය ජනතාව සහ දේශීය ව්‍යාපාරිකයන් මත දැඩි බදු බරක් පටවමින් ආණ්ඩුව ආදායම් මාර්ග පාදා ගන්නා බව පෙන්වීමට උත්සාහ කළද, බහුජාතික දුම්කොළ සමාගම් වෙත රහසිගතව මහා පරිමාණ බදු සහන ලබා දී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ විවාදයට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ වත්මන් රාජ්‍ය ආදායම් වර්ධනය වී ඇත්තේ වැට් ඇතුළු වක්‍ර බදු ඉහළ නංවා මහජනතාව පීඩාවට පත් කිරීමෙන් පමණක් බවයි.එදිනෙදා පරිභෝජනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා වන බදු අත්තනෝමතික ලෙස ඉහළ දමන පසුබිමක, සිගරට් මිලෙන් අවම වශයෙන් සියයට 75ක් බදු වශයෙන් අය කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දී ඇති නිර්දේශ පවා ආණ්ඩුව නොසලකා හැර ඇති බව ඔහු පෙන්වා දුන්නේය. දුම්කොළ සමාගම් සඳහා මෙලෙස බදු ප්‍රතිශතයන් පහත හෙළීම හේතුවෙන් ජාතික භාණ්ඩාගාරයට හිමිවීමට තිබූ රුපියල් බිලියන 17.3ක (රුපියල් කෝටි 1,730ක) දැවැන්ත ආදායමක් රටට අහිමි වී ඇති බවද විපක්ෂ නායකවරයා ලේඛන සහිතව අනාවරණය කළේය.දුම්කොළ සමාගම් සුරකින මෙම පක්ෂපාතී බදු ප්‍රතිපත්තිය වහාම සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටි සජිත් ප්‍රේමදාස මහතා, එමඟින් අහිමි වූ කෝටි 1,730ක මුදල නැවත උපයාගෙන ජනතාවට සහන සැලසීමට සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පහත හෙළීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. පවතින අසමතුලිත බදු ක්‍රමය හේතුවෙන් දේශීය ව්‍යාපාර කඩා වැටීම සහ සමස්ත මහජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක්වීම පිළිබඳවද විපක්ෂ නායකවරයා මෙහිදී සිය කනස්සල්ල පළ කළේය.

























