ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියට සම්බන්ධ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟ පැවැති ෆ්‍රැන්චයිස් ගිවිසුම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවා ඇති දූෂණ විරෝධී විධිවිධාන සහ නීති රීති බරපතළ ලෙස කඩ කිරීම මෙම තීරණය ගැනීමට මූලික හේතුව වී ඇති බව නිල වශයෙන් දන්වා තිබේ.මෙම ගිවිසුම අහෝසි වීමත් සමඟම, ක්‍රීඩකයන්ට මේ දක්වා ගෙවීමට ඉතිරිව ඇති වැටුප් හා දීමනා ඇතුළු සියලුම මූල්‍ය වගකීම් සම්පූර්ණයෙන්ම සපුරාලිය යුත්තේ අදාළ සංවිධායක හිමිකාරීත්වය දරන සමාගම විසින් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩිව අවධාරණය කර සිටී.























