මහාධිකරණවල නඩු 40,000කට වැඩි සංඛ්‍යාවක් පල්වෙයි

විනිසුරුවරුන්ගේ හිඟය ඇතුළු ගැටලුකාරී තත්ත්වයන් කිහිපයක් නිසා දිවයින පුරා පිහිටි මහාධිකරණවල විවිධ නඩු 40,299ක් පමණ ගොඩගැසී ඇති බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා ප්‍රකාශ කරයි. මෙයින් අපරාධ නඩු පමණක් 27,376ක් වන අතර, රටේ ඇති මහාධිකරණ 37 අතරින් අධිකරණ තුනක් විශේෂයෙන් වෙන් කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විභාග කිරීම සඳහා පමණි.

​පවතින අධික නඩු තදබදය හේතුවෙන් එක් මහාධිකරණයක් වෙත නඩු 800ක පමණ ප්‍රමාණයක් විභාග කිරීමට පැවරී ඇති බව ඔහු පෙන්වා දෙයි. මෙම තත්ත්වය මත සිදුවන නඩු විභාග ප්‍රමාදයන් අවම කර ගැනීම පිණිස, අපරාධ නඩු විභාග සඳහා වෙන් කෙරුණු මහාධිකරණ සංඛ්‍යාව 60 දක්වා ඉහළ නංවන ලෙස ඒ මහතා රජයට යෝජනා කර සිටී.

What's your reaction?

Related Posts

1 of 1,253

Leave A Reply

Your email address will not be published. Required fields are marked *